Saturday, June 15, 2013

ජයග්‍රහණයක පසුවදන...



දිවියෙන් ලෙයින් රැකි වෙද බිම පහරන්ට
ඉඩ දිය යුතුද නිවටව කැණහිල් රැලට
අවදිව සිටිනු ලද මුල් ජය රැක ගන්ට
රකිනට පෙරට එනු වෙද මව් දිවි හෙටට


                         ත්‍රිමාලා වෙනුරලා ජීවීත පරිත්‍යාගයෙන් රැකදුන් රාජ්‍ය සරසවි වෛද්‍ය උපාධිය පේරාදෙණියේ දී මුදලට විකිණීමට ගත් උත්සාහය ගුරු සිසු විරෝධතා හමුවේ අඩපණ වෙයි. මුදල් ගෙවූ සිසුන්ට හන්තාන වෙද පියසෙහි දොරටු වැසේ. නමුත් මිත්‍රවරුණි විජයග්‍රාහි එක් පියවරකින් අරගලය නිමා වෙන්නේ නැත. නැවත වටයකින් වෛද්‍ය ඉන්ජිනේරු ආදී සියළු උපාධී අප සරසවිය තුල අලෙවි කිරිමේ අවධානමක් පවතියි...

No comments:

Post a Comment