Monday, July 6, 2015

සමහරු මිය යන්නේ වසබී....



මිනිස්සු වස බොන්නේ මැරෙන්න හිතාගෙන. මැරෙන්න හදන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා.සිය දිවි නසාගැනීමත් සියදිවි නසාගැනිමට උත්සහ කිරීමත් මානසික රෝගයක්.ඒ කියන්නේ ලෙඩක්, ඒ කියන්නේ බෙහෙත් කරන්න පුළුවන්. බෙහෙත් කරලා උපදේශන සේවයට යොමු කරලා සිය දීවි නසාගැනීමට සිතීම උත්සහ කිරීම හොඳ කරන්න පුළුවන්.

සමහරු මැරෙන්න හදන්නේ කවුරුත් එපා කියලා.හැබැයි ඒ අය මැරෙන්න කලින් ලියුමකුත් ලියනවා ආදරණීය....... වෙතයි කියලා.

මිනිස්සු මැරෙන්න විවිධ ක්‍රම හොයාගන්නවා, ගඟට පනිනවා කෝච්චියට බෙල්ල තියනවා එල්ලෙනවා හැබැයි මේ කට්ටිය ඔක්කොම එකේ වාට්ටුව ගාවින් නතර වෙනවා.එකේ වාට්ටුව කියන්නේ ශල්‍ය වාට්ටුව.
අමහරු වස විස බීලා මැරෙන්න උත්සහ කරනවා, එයාලා තව ටිකක් උඩහට ඇවිත්  දහය වාට්ටුවට එනවා. අද කතාව වස බීම හා සියදිවි නසා ගැනීමට උත්සහ කිරීම ගැන.

මිනිස්සු මැරෙන්න හිතාගෙන බොන සමහර දේවල් ඇහුවම හිනා යනවා මුන් මෙච්චර මෝඩද කියලා (හික්ස් එහෙම හිනාවෙන්න හොඳ නෑනේ )
වස බීල වාට්ටුවට ගෙනාවම ඒ ඒ වස හෝ බීපු වර්ගය අනුව කරන ප්‍රතිකාරය වෙනස්, නමුත් මේ හැම එකටම පොදු අංග කීපයක් තියනවා.වස බීපු වෙලාව අනුව බෙහෙත් කිරීම වෙනස් වෙනවා.හොඳට සිහිය තියනවා නම්  සබන් වගේ දියරයක් බොන්න දීලා වමනය කරවනවා, නැත්නම් එන් ජී බටයක් දාලා බීපු ද්‍රව්‍ය අවශෝෂණයට කලින් අයින් කරනවා (NG suction). ඊට පස්සේ සක්‍රීය කාබන් (Activated charcoal ) බොන්න දෙනවා එතකොට ඒකට විශ අංශු අධිශෝෂණය වෙනවා.

කතාව ඕක නෙවෙයි.

එක දවසක ආවා අවුරුදු 18 ක කොල්ලෙක්. කොණ්ඩෙ එහෙම අමුතු විදිහට කපලා, මෝස්තර කාරයෙක් වගෙයි බැලූ බැල්මට.මොනවද බීලා තියෙන්නේ. හාපික්. ඔව් ඔව් අර රොජර් සෙනෙවිරත්න ටීවී එකේ ගෙවල් ගානේ ගිහින් ටොයිලට් හෝදන්න කියලා ඇඩ්වටයිස් කරන්නේ හාපික්, ඒවා තමයි. මේ කොල්ලා ළඟදි කෙල්ලෙක් එක්ක යාළු වෙලා, මේකට අම්මා අකමැති වෙලා. අම්මව බය කරන්න මැරෙන්න තමයි හාපික් බීලා තියෙන්නේ.
දැන් අර යාළුවෙච්ච කෙල්ල හින්දි පිචර් එකක වගේ කඩාගෙන බිඳගෙන  අඬාගෙන හොටු පෙරාගෙන කොල්ල බලන්න දුවගෙන එයි කියලානේ හිතන්නේ? ඇවිත් උකුලේ ඔළුව තියාගත්තම කොල්ල අන්තිම වචන ටික කියලා මැරෙයි කියලානේ හිතන්නේ. ....... තමයි. අර අහිංසක අම්ම තමයි බත් එකත්  අරගෙන පුතංඩියා බලන්න එන්නේ.හාපික් බිව්වට මැරෙන්නේ නෑ සාමාන්‍යයෙන්. (බඩේ පණුවො නම් මැරුනද දන්නේ නෑ  ) ඉතින් මේ කොල්ලව අපි මනෝවෛද්‍ය ප්‍රතිකාර වලටත් යොමු කරලා යහතින් ගෙදර යැව්වා.ඒකාටම ලැජ්ජයි අන්තිමට කරපු දේ ගැන

දෙවැනි කතාව,

මේක වුනේ රෑ 11ට විතර. ඇමතුමක් ආවා. ගිහින් බලනකොට අවුරුදු 16 ක කොල්ලෙක්. ඉස්කෝලෙ යන කොල්ලේක් ගෑනු ළමයෙක්ගේ සම්බන්ධයකට ගෙදරින් විරුද්ද වුනා කියලා පැනඩෝල් (පැරසිටමොල් ) බීලා. මේක නම් සෙල්ලමක් නෙවෙයි. පැනඩෝල් යම්කිසි ප්‍රමානයකට වඩා බීම මාරාන්තිකයි. ඊට අඩුවෙන් බිව්වම අක්මාවට හොඳටම හානිකරයි.එතකොට ටික ටික ලෙඩ වෙවී මැරෙන්නේ විඳවලා. ( මේ ප්‍රමාන කියන්නේ නැත්තේ හිතාමතාමයි ) මේ කොල්ල අවිත් තිබුනේ අම්මයි තාත්තයි අක්කයි එක්ක. අම්මයි තාත්තයි හොඳවයින් කොල්ලට අමතනවා.මනෝ උපදේශනය උපරිමයට දෙනවා. අක්ක අඬනවා, මල්ලිට බනින්න එපා කියනවා. අක්ක විතරයි කිව්වේ අනේ ඩොක්ටර් මල්ලිව බේරලා දෙන්න කියලා. අවශ්‍ය ප්‍රතිකාරය කළා, සෙල්ලමට පොඩි දේටත් පැනඩෝල් බීලා ආවම පන බේරලා හෙන්න දෙන බෙහෙත් ටිකට ආණ්ඩුව ලක්ෂ ගනනක් වියදම් කරනවා කියලා මේ බොන අයට අපි යනකොට මතක් කරලා දෙනවා.අන්තිමට බලාගෙන ඉන්න බැරි තැන මේ කොල්ලගේ තාත්තට මම කිව්වා දැන් බැන්නා ඇති අපිට බෙහෙත් කරන්න දීලා යන්න කියලා. වස බොනකම් හදාගන්න බැරි උන එකාව මහ රෑ  බීලා ආවම හදන්න හදනවා. කොහොමත් මේ කොල්ල දවස් ගනනක් වාට්ටුවේ හිටියා, හැමදවසකම වගේ බලන්න ආවේ අක්කා විතරයි. ටිකට් කපලා යනකොටත් අක්කා තමයි මල්ලිව එක්කගෙන ගියේ. ඉතින් කොල්ල වස බොන්න ඇත්තේ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. දෙමව්පියෝ දරුවන් ගැන මීට වඩා උනන්දුවෙන්න ඕනේ කියල මට හිතුනේ.

සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු (ඉස්පිරිතාලෙට අපි එකට යමූ )

 පේමයෙන් මන රංජිත වූ නන්දිත වූ අවුරුදු 16ක ඉස්කෝලෙ යන ජුලියට් කෙනෙක් හා ඉස්කෝලෙ ගිහින් ඉවරවෙලා රස්සාවකුත් කරන 18ක රෝමියෝ කෙනෙකුයි, ගෙවල් වලින් අකමැති කියලා, පෙම් ලොව බාධක හින්ඳා මතු සංසාරේ උපදීවා අප මතු අත්  භවයක මිනිස් හඬින් තොර පාළු දූපතේ කියලා කොල්ලා මල්ලිගේ පෙනිසිලින් ටික බීලා (මල්ලි රුමටික උනට පෙනිසිලින් බොන කෙනෙක් ) කෙල්ල පිරිටන් 10ක්  බීලා මැරෙන්න හිතාගෙන. දෙන්න ගැහැනු හා පිරිමි වාට්ටු දෙකට වෙන වෙනම ගෙනත් දැම්මා.ප්‍රතිකාර ටික කෙරුනා. ඉතින් දෙපාර්ශවයේ නෑදෑයෝ නැකැත් එහෙම වාට්ටුවේදීම මාරු කරගන්න ඇති කියලා මට හිතුනා. දෙගොල්ලෝ මංගල කටයුතු ඔක්කොම වාට්ටුවේදීම කතා බහ කර ගන්න ඇති. :D

මේ කියන දේවල් නිකම් විහිළු වගේ කිව්වට මේ ලෙඩ්ඩු ඉස්සරහ බොහෝම සීරියස්, මොකද කියල කියනවා නම් සියදිවි නසාගැනීම හෝ උත්සහ කිරීම මානසික රෝගයක්. රෝගයකට හිනාවෙන්න හොඳ නෑ.ඒකට බෙහෙත් කරන්න ඕනේ.මානසික වෛද්‍ය සායනයටත් යොමු කරවලා මේ පිරිඅ ගෙදර යැව්වම ආපහු මෙහෙම දෙයක් නොකරගනී කියල පොඩි හරි විශ්වාසයක් අපිට තියනවා.

3 comments:

  1. හිනා යන විදියට ලියල තියෙන විදියට ලියල තිබ්බ නිසා සීරියස් වෙන්ට හිතෙන්නෙම නෑ...
    පොඩි කාලෙ ඉදන් ප්‍රශ්න වලට මූන දෙන්න පුරුදු නොකරන
    ගෙවල් වල අම්මල තාත්තල හිට්ලර්ල වගේ ඉන්න
    උං අතර ඔහොම සීන් වැඩියි... කොටින්ම පොඩි දේත් දරාගන්න බෑ... එක්කො මළ පයිනව නැත්තං වහ බොනව...
    අපේ රටවල තියෙන මාන්දමිකත්වය හන්ද ඕවගේ දේවල් තව කාලයක් යන කං වන්න පුලුවං

    ReplyDelete
  2. වස බීපුවා ගැන නම් කතා එමටයි. නැත්තම් සියදිවි හානි කර ගැනීම අතින් ලංකාව ලෝකෙන්ම දෙවැනි වෙයි යැ... :-)

    ReplyDelete
  3. අනේ කෙනෙක් පැන්ඩෝල් 14ක් බීල දැන් මොකද්ද කරන්නේ කියන්නකො 😭

    ReplyDelete