රත් කර යබොර මුහු කර දඹරන් සමඟ
දහඩිය හෙලා කැටයම් කර එහි සොබන
මල්වැල් මැදින් සුමටව රන් පැහැ දිලෙන
පෙර රජ දවස සිට පැවතෙන බව කියන
මුල් තැන හොවන සඟ හෝ මහ රජ ලඟම
දිදුලන පැහැය ගෙන පසුපස වැඩ හිඳින
පෙර මග දකින උන් ගරුතර බව සිතන
පිටතට ඔපය නොදකින දුක ඇත ඇතුල
කාරා කෙළ ගසා සෙම් සොටු ඇද උඩට
හප වූ බුලත හෙලමින් ඇල කර මුඛය
දෑතද ලොඹු මුවද සෝදා එහි හෙළන
අරුමය කරුමයද ගෙවනා රන් බඳුන
අගෙයි................
ReplyDeleteස්තූතියි !
ReplyDelete