මිලත් අගනා තැනත් අගනා
බොජුන් උයනා රජුන් බුදිනා
කුසත් පිරෙනා තවත් සොයනා
සිතක් පිරෙනා තරම් බුදිනා
පුරනා තරම් බස් රථයක මහ සෙනඟ
ගුගුරා අහස කළු කරනා ලෙස දැනින
විඳිනා නොහැකි ලෙස දැනෙනා කුස රිදුම
උතුරා ගලන ලෙස පුපුරා වැව් බැම්ම
දෑසම උඩට ඇදුනා නොදැනී ඉහල
හුස්මත් පහළ නොයවා සිරවුන තරම
හේවිසි බෙර නැටුම් පෙරටුව මග ගමන
ඇදුනා ඉහල රජ බොජුනම යනු පිටත
මහ හඬ නගා රජ බොජුනකි බිම වැඩිය
මදහස නඟා උදරය හෙමිහිට කියන
රජ හට වුනත් හිමි නැතිනම් රජ කිරුල
පොළවට වැටෙයි එම විට සැනසෙයි සැවොම
අපූරු කවි පද ටිකක් විමුක්ති
ReplyDeleteජයෙන් ජයම වේවා
:D thankx
Delete