Tuesday, November 17, 2015

හැමෝම එහෙම නෑ

මේ ඇත්තම කතා දෙකක්. හැබැයි හැමෝමත් මෙහෙම නෑ.

කතා දෙකක්. කතා දෙකම නර්ස් නෝනලා ගැන.
පළවෙනි කතාව, රෑ අටට විතර , ටිකක් වයසක දෙමළ මනුස්සයෙක් වාට්ටුවට ඇතුලත් වුනා. හේතුව හෘදය වස්තුව සම්බන්ධ රෝගයක් (Heart failure).ලෙඩා ඇතුලත් කරලා අවශ්‍ය ප්‍රතිකාර දුන්නට පස්සේ නර්ස් නෝනා කෙනෙක් ආවා. මේ ලෙඩා ගැන අහන්න. බලාගෙන යනකොට මේ නර්ස් නෝනා තමයි මේ ලෙඩාව ඉස්පිරිතාලෙට එක්ක එන්න බෙහෙත් ගන්න යන්න කියලා උනන්දු කරවලා , ඒ මදිවට ත්‍රීවිල් එකට ගාස්තුවත් දීලා තිබ්බේ.  දවස් ගානක් අමාරුවෙන් ඉඳලා තියනවා, හැබැයි රෝහල්ගත වෙලා නෑ. කොහොම හරි මේ නර්ස් නෝනා මැදිහත් වෙලා ලෙඩාව වාට්ටුවට ඇතුලත් කලා.
පහුවෙනිදත් නර්ස් නෝනා ආවා. හොඳම හරිය ඊට පස්සේ. මේ ලෙඩාගේ දුව නර්ස් නෝනාගේ බබාව බලාගන්න කෙනා. තාත්තට සනීප නෑ කියලා සති ගානක් ඇවිත් නෑ. ඉතින් නර්ස් නෝනාට වැඩට එනකොට හරිම කරදරේ බබාව බලාගන්න කෙනෙක් නෑ.
අනේ ඩොක්ටර් මෙයාගේ ටිකට් කපන්න එපා, පුළුවන් තරම් තියාගන්න බලන්න. මෙයා ගෙදර ගියොත් බබා බලාගන්න කෙනා වැඩට එන්නේ නෑ. ඔන්න ඕකයි ඉල්ලීම.
ඒ වුනාට අපි ලෙඩාට ඉක්මනටම ප්‍රතිකාර කරවලා, සනීප වූ වහාම ගෙදර යැව්වා.

දෙවෙනි කතාව. මේකත් නර්ස් නෝනා කෙනෙක් සම්බන්ධව. මේ නර්ස් නෝනා වැඩ කරන්නේ වෙනත් රෝහලක. එයාගේ තාත්තව ගෙනත් රෝහලේ නතර කලා. මේ වයසක මනුස්සයට ශ්වසන රෝගයක් (COPD) දියවැඩියාව හා කලින්  හෘදයාබාධයක් තිබිලා තියනවා. අවශ්‍ය ප්‍රතිකාර කලා. ඉස්පිරිතාලේ හැම දෙයක්ම නෑ. ඉක්මන් සුවය සඳහා සමහර බෙහෙත් පිටින් ගෙන්න ගන්න සිදුවෙනවා, සමහර පරීක්ෂණ පිටින් කරගන්න සිදුවෙනවා. මේ මනුස්සයටත් එහෙම බෙහෙත් වගයක් ගෙන්න ගන්න ඕනේ වුනා. ඒත් එක්කම ඊසීජී පටියේ සැක සහිත වෙනස්කම් කීපයක් තිබුනු නිසා ට්‍රොපොනින් කියන ලේ පරීක්ෂාවත් කරගන්න ඕනේ වුනා. රෝගියාට ඒ තුන්ඩු දෙක දුන්නා. පළවෙනි දවසේ අහපුවාම දෙකම කරගෙන නෑ, හේතුව කවුරුත් බලන්න ඇවිත් නෑ, දෙවෙනි දවසේ , ඒත් නෑ, තුන් වෙනි දවසේ ....ඒත් නෑ. කරන්න දෙයක් නැති නිසා වෙනත් විකල්ප ප්‍රතිකාර වලට යන්න සිද්ධ වුනා. හතරවෙනි දවසේ ඒ ලෙඩාගේ දුව හෙවත් කතා නායිකා නර්ස් නෝනා ආවා, බලෙන් ටිකට් කපාගෙන ලෙඩා එක්කගෙන ගියා. හැමෝටම වැඩ තමයි, නිවාඩු නෑ තමා, නයිට් ඩියුටි තමා, ඒ වුනාට සෞඛ්‍ය සේවයේ රැකියාවක් කරන කෙනෙක් හැටියට තමාගේ තාත්තට ඒ දක්වපු සැලකිල්ල ගැන නැවතත් හිතන්න තිබුනා .

හැමෝම එහෙම නෑ.

6 comments:

  1. හැමෝම එහෙම නෑ. ඒත් සමහරු ලෙසටම එහෙමයි........

    ReplyDelete
  2. දෙකම ආත්මාර්ථකාම මනුස්සයො දෙන්කේ ගැන කියල තමා හිතෙන්නෙ
    කුජීතයි කියන කැටගරියෙ ඉදං හිනාවෙන නර්ස් නෝනල

    ReplyDelete
  3. පිව්තුරු හදින් එනු මැන ලදේ..

    ReplyDelete
  4. හැමෝම එහෙම නෑ. ඒත් එහෙම අයත් නැත්තෙ නෑ.

    ReplyDelete
  5. මේ වගේ කතා අහනකොට හිතට දුකයි...

    ReplyDelete