Sunday, January 3, 2016

හැටයි නෝනා කොස් මල්ලක්

බාගයක් අමුයි නේද, 
මේ ඉරිත් ගොඩයි
ගස් දෙකක ඒවා නේද
සමහර මදුළු ඉදිලා වගේ
තැම්බෙයිද?
පනහට දෙන්න බැරිද.
තිස් පන්දාහක් ගෙවා
පැය දෙකක සංගීතයක්
අසන්නෝද මෙදියත 
බොහෝ තුටින් විසුවෝය




6 comments:

  1. සහතින ඇත්ත...ආදායම් බෙදීයාමේ විෂමතාවය

    ReplyDelete
    Replies
    1. තාම දියුණුවෙමින් පවතින රටක්. කවදා විශමතාව නැති වෙයිද මන්දා

      Delete
  2. පොලේ පලා මිටියට හෙට්ටු කරලා සුපර් මාකට් එකේ කාට් එක තල්ලුකරං ශොපිං කොරන උදවිය වැහි වැහැලා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවා සුපර් මාකට් එකේ වට්ටක්කා නිකං කිලෝව හැටයි. නරක් වේගෙන එනකොට කෑලි කපලා ළුණු කෑලි දෙකක් තුනක් අමු මිරිස් කරලක් එහෙම දාලා " රෙඩී ටු කුක් " දෙසිය පනහ තිහයි. සුපර් මාකට්නේ

      තැන්කූ තැන්කූ

      Delete
  3. කොතනත් එකයි බලං ගියාම නේද
    බහුලවම ඔහොම අහන්නෙ කාර් වලිං බැහැල සංග්ලිස් දාන නෝනල.. මං ඒක අත්දැකිමෙන් දැකල තියෙන දෙයක්
    ඒ හැටිමද දන්නෑ
    කෝමත් විමුක්ති අපිට වඩා දෙයක් නං දකිනව

    ReplyDelete
    Replies
    1. මක් කොරන්නද පහත් තැනින් යයි ගලා ජලේ

      තැන්කූ තැන්කූ

      Delete