Monday, October 7, 2013

මොණරිඳු












කට් රොල් කෙසරු පියපත් යුග          විහිදමින
මහනෙල් පෙතිනි  අඩවන් අනුරා         නෙතින
සුර අඟ ඉපිද ලියතඹරා නටු                    අගින
තුරඟින් උඩඟු ලෙස පැන යති අතු          මතින

දහවල දිනිදු සුසැඳුනු නැටුමෙහි                අගන
මහවැසි තෙමන කළ තුරු මත සුව             විඳින
සොමිගුණ තරිඳු නෙත රඟ මධු රස            පතන
සෙවනට පමණ තව තව තුරු අග           සොයන

අව් වැසි මැදින සියුමැලි වරළස                සිඳෙන
මල් පිය පතර මුතු සුසිනිදු ගත                      දිරන
පියඹනු නොහැකි බල තුරු ඉහලට          වැඩෙන
මොණරිය තැවෙයි දිනයක තුරු මුල           දුකින

8 comments:

  1. අව් වැසි මැදින සියුමැලි වරළස සිඳෙන
    මල් පිය පතර මුතු සුසිනිදු ගත දිරන
    පියඹනු නොහැකි බල තුරු ඉහලට වැඩෙන
    මොණරිය තැවෙයි දිනයක තුරු මුල දුකින

    :)

    ReplyDelete
    Replies
    1. he he lol වැදෙන කෙනෙකුට වැදුනාවේ !!! ලොල් :ඩී :පී

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. කවි වල අඩුපාඩු අවම කරගෙන ලියන අය ගොඩක් අඩු යි දැන්..විමුක්තිගෙ කවි ටික ඒ අතින් උත්කෘෂ්ට යි..යොදල තියෙන වචන ත් නියම අරුතින් යොදාගෙන තියෙනව..

    කවියෙ අරුත මට නම් තේරුණේ “පන් මලෙන් උපන්න වගේ හිතාගෙන පොළොවෙ පය නො ගහ උඩින් වගේ යන, රටේ නැති නැටුං නටන කෙල්ලො අන්තිමේ දි ඒ ලස්සන නැති වෙනකොට පස්ස බිම ඇනගන්නව“ වගේ එකක්...යටි අරුතක් තියෙනවද දන්නෙ නම් නෑ..

    අකුරු වැරැදි කීපයක් නම් තියෙනව හැබැයි...කවි ටික නං පට්ටයි..ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලැම්බාට බොහොම පින් උපදේශයට.(මූඪ ලම්භට්ඨ කතාව ලියුවේ ඔබ වෙන්න ඇති කියලා හිතනවා.බොහොම ස්තූතියි ප්‍රවීනයෙක් විදිහට නවකයෙකු වෙත ලබා දුන් අගය කිරීමට.අකුරු වැරදි ටිකත් කියලා දුන්න නම් ඊලඟ නිර්මාණයට ඒ වැරදි ආපහු කරන්නේ නැතිවෙයි )
      කවියකට අරුත් දීම කවි කියවන අයගේ අයිතියක්.කවි කියවන්නාට ඕනෑම හැඩයකින් කවිය දකින්න පුළුවන්. මම බොහොම සතුටු වෙනවා මම හිතපු, කියන්න හදපු දේ ලැම්බාටත් හිතුන එක ගැන.

      Delete
  4. අ.පේ 'ලැම්බා' මහාචාර්ය තුමා :D

    ReplyDelete
  5. බ්ලොග් එකේ රස වින්ද කුළුඳුල් කව් කලඹ...හරිම නිර්මාණාත්මකයි.

    ReplyDelete