සියොතුන් කෙරේ මිහිරැති මී අඹ පුදනා
ගඟ ලඟ සබැඳි සවිබල මිතුරෙකු උන්නා
යන එන සියොත් කැල නිතරම එහි වසනා
සෙවනට ඇදෙන උන් නිතරම ගුණ වැනුවා
බිජුවක් පිළිල කොහෙදෝ සිට එහි වැහුවා
ටික ටික හෙමින් ලා පැහැයෙන් දළු දැමුවා
පොඩි පොඩි කැකුළු මල් පිළිලය අග පිපුනා
මහ අඹ ගහත් පෙම් බැඳ මේ දෙස බැලුවා
කලකට පසුව පිළිලය රජ කම ලැබුවා
කුමටද කියා අනුනට රස ගුණ බෙදනා
පිළිලය බහට අඹ රුක ඵල වඳව ගියා
ඒ දැක සියොත් කැල මගහැර දුරක ගියා
පත් බිම වැටී නටු අග පිළිලය දිවුනා
මහ ගස වසා පැතිරී පොඩි මල් පිපුනා
පවනද හෙමින් ඔච්චම් කර කොළ හැලුවා
පිළිලය නිසා හැම අතටම ගහ නැවුනා
No comments:
Post a Comment