Wednesday, March 4, 2015

දුඹුරු කළු මඩ පහැය

දුර බැහැර ගිරි කුළක
පැන නැඟී රහසින්ම
හෙමි හෙමින් ගලා ආ
නොකැළඹි දිය දහර

ඉසිඹුවක ඇරඹුමෙන්
එක්ව පහලට ගලන
දොලක මිහිරට මැදිව
ගලා ගල් පර මැදින්
පිට කළා ලේ කඳුළු
පවුරු මුදුනින් ඉවත

ගල් බොරළු ගව කුරද
බොර කළා වල ගොඩැලි
චන්ඩ කැළඹිලි සමඟ
බෙදී දෙපසට නැවත
නිහඬ නිසසල ගමන
තෙමා බිම දොළ පහර

චන්ඩ හිරු රැස මැදින
සිඳී වියලී නොයන
දිවිය යදිනට නැවත
එක්ව ඇදෙනට දියට

නිසසලම දිය පහර
මොහොතකට පෙර ගැළුව
මතුපිටක නිසල බව
නුදුටු ඇතුලත අඳුර
දුඹුරු කළු මඩ පහැය
ඇදුනු නොදැනී නිහඬ
කැළඹි තැනකින් කලෙක

3 comments:

  1. ගැඹුරුයි නොවැ......................

    ReplyDelete
  2. බොහොම දුර පැත්තක, තේ වත්තක තරුණ කාන්තාවක් හිටියා. මේ තරුණිය තේ වත්තේම තරුණයෙක් සමඟ හාද වෙලා විවාහ උනා. දරුවෙකුත් ලැබුනා. කාලයක් යනකොට දෙදෙනා අතර ගැටුම් ප්‍රශ්න ඇති වුනා. දෙන්නා දික්කසාද වුනා.
    තරුණියගේ නෑදෑයන් ඇයට නැවත විවාහයකට කෙනෙක්ව සොයා දුන්නා. දෙව්ව්නි විවාහයට දින කීපයක් තිබියදී මේ කාන්තාව බඩේ අමාරුවකට රෝහල්ගත වෙනවා. ඇගේ කුසේ මාස පහක දරු ගැබක්. මේක සත්‍ය කතාවක්

    ReplyDelete
  3. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකයටත් දාන්න. පහතින් අපේ සින්ඩියට පිවිස අපට ලින්ක් එක මේල් කරන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete