Monday, April 10, 2017

ක්ලිනික් එක- 01 වන කොටස -Groin flap


ඉඳහිට හමන වියලි සුලඟ අවට ගිනි ගහන රස්නය අකාරුණිකව තීව්‍ර කරවයි.දුඹුරු පැහැති දූවිල්ලට මුසුව වියලීගිය කොල  සුළඟට අසුව ඒ මේ අත විසිරෙයි. ලොම් හැළුනු නාටු බල්ලෙක් දැඩි අවු රශ්මියෙන් බේරී නිදාගැනීමට සෙවනක් සොයා අවු රශ්මියට කරවෙමින් නවතා ඇති වාහන අතරින් හෙමින් හෙමින්  ඒ මේ අත ඇදෙයි.
මේ අවුරුද්දේ ප්‍රමානවත් තරම් වැසි නොලැබීම නිසා මේ කන්නයේ කුඹුරු වැඩ කර ගැනීමට නොහැකි වීම ගැන තැවෙමින් සිටින ගොවියෙකි,වයස සැටක් පමන වන කාල වර්ණ සිරුරෙන්ද කෙසඟ නමුත් ශක්තිමත් බාහු යුග්මයකින්ද යුත් මිනිසෙකු සෙමින් සෙමින් පා නගනු දක්නට ඇත. අතෙහි රැඳි ලිය කියවිලි අනුව ඔහු සායනයකට සහභාගී වීමට යන බවක් පෙනෙන්නට තිබිනි.

මාස දෙකකට පමන පෙර වාට්ටුවට ඇතුළු වූ දිනය ඔහුට සිහිවෙයි.නියං සායට හසුව වියලී ගිය වාන් ඇල පසු කරගෙන මී ගවයන් දෙදෙනා දක්කාගෙන දිය පොදක්ද , වියලී ගිය ඉපනැල්ලක්ද සොයා ගිය හැටි සිහි වෙයි. කාශ්ටක අව්ව කාල වර්ණ පිටවල් දව දවා ගිනියම් වන විට එක් මී ගවයෙකු අසල ගසක බඳින්නට සූදානම් වුන විට, කුලප්පු වූ මී ගවයා කඩාගෙන දුවන්නට සැරසුන අයුරු මතකයට නැගෙයි. ඒ වන විටද කඹය ගසේ බැඳ දමමින් තිබිනි, ගසේ රළු පොත්තත් කඹයත් අතරට හසුවූ දකුණු අතේ මාපටැඟිල්ල ඉරාගෙන යන මහත් වේදනාව ඔහුට මතක් විය.

රෝහල වෙත ගෙන ආ පසු, ඇඟිල්ලේ මස පමනක් ඉරී ගොස් ඇති බවත්, ඇට කටු හා ඛන්ඩරාවන් හොඳින් ඇති බවත් වෛද්‍යවරැ පැවසූ බව මතක් විය. ගොවිතැන් බත් කිරීමට හිඳින් වැඩපල කර ගැනීමට ඇඟිල්ල නොකපා බඩෙන් මස් ගෙන ඇඟිල්ලට බද්ධ කළ හැකි බවත් ඊට කැමතිදැයි තමාගෙන් ඇසූ බවත් ඔහුට මතකය. කී දේවල් නොතේරුණු නමුදු ඔහු, හොඳ දෙයක් කර දෙන්න යැයි කීවා යන්තමට මතකය.

කවදාවත් අසා නොතිබූ දැක නොතිබූ අමුතු සැත්කමකට ලක් වී, අත බඩට තබා මසා සති තුනක් ගත කළ අයුරුද, ඉන් පසු අත වෙන් කල පසු මහපටැගිල්ලට බඩෙහි තිබූ මස් හා සම සවිවී තිබුනු  අයුරු මතක් විය. දැන් ඇඟිල්ලෙන්  පෙර පරිදි වැඩ කළ හැක.වේදනාවක්ද නැත. ඇඟිල්ල කපා දමනවාට වඩා සති තුනක් අත බඩට තබා මසා තැබීම හොඳ යැයි ඔහුට සිතුනි.




සායනයට පැමිනෙන විට එතැන සායනයට පැමිනි රෝගීන් පනහක්  පමන සිටියේය.ගොවි මහතාට නිල් නොම්මර අංක හතලිහ ලැබී තිබුනි.
තමන්ගේ වෙලාව එන තුරු වාඩි වී සිටි ගොවි මහතා අසල සිටි තවත් අයෙකු හා කතාවට වැටුනේය.


 

(ඡායාරූප අන්තර්ජාලයෙනි )

4 comments:

  1. ඔය නිල් නොම්මර රතු නොම්මර කතාව මොකද්ද අප්පා.
    මේ වෙන්නෙ මොකද්ද කියල පැහැදිලි සටහනක් දාන්නකො පීස්.
    ඒ කිව්වෙ මේම කරන්නෙ කෝමද ඇයි
    ඊට පස්සෙ වෙන්නෙ මක්කද වගේ කියල

    ReplyDelete
    Replies
    1. ක්ලිනික් එකට පලවෙනි පාරට එන අය හෙවත් විශේෂඥ වෛද‍යතුමාට පෙන්නගන්න එන අයට රතු නොම්මර දෙනවා. ක්ලිනික් එකට දෙවෙනි හෝ ඊට පසු පැමිනීමකදී නිල් නොම්මරයක් දෙනවා හිටං.

      Delete