රෝගී වෙලා සා/පෙළ දරුවෙකු මෙදින
නැවතී සිටින විට සිංහළ පොත බලන
ඒ දැක මසිත දස වසරක පෙර මිහිර
දෙදහස් තුනට නොදැනිම හෙමිහිට ඇදුන
ඉසා සනා පබිලා එකිනෙක ගැටෙති
නිතරම ඇදෙති නැවතෙති යති නැවත එතී
සුන්දර හාමි නැත කම්මුල් රතට හැරී
ගන්තුන තුලානෙන් නුවරට එවා ඇතී
කෙළතොල්ලා මූඩය කත් ඇදි පුමයා
නොමැති නිසා අනන්ත ජින යන මිතුරා
වාට්ටුවේ අයිනක දුකසේ සතපා
උපක තෙමේ ඇත අඩකින් විලි නොවසා
යවැටෙන් රතුව ඇස් බබලන ඒ කොනින
රා කළ හතක් බිව් නාලා ගිරි ලෙසින
යන එන එවුන් බහුතරයකි මෙහි දකින
ඉඳ හිට නිල්ල මෙත් පතුරන නෙත් දකින
එදවස පොතක සිටි උන් හැම ඇත මෙතැන
පපුවට යොමා ඇසුවිට උන් හද ගැහෙන
තාදිඟු තෙතඟු කවි මා කන වැකෙන විට
තවමත් නොමළ මා ඇත මා සිත කොනක
:)
ReplyDeleteහොඳ පූර්වාපර සන්ධි ගැලපීමක් වගේ....... සිංහල පොතේ වටිනකම දැනුයි තේරෙන්නේ
ReplyDeleteබොහොමත්ම ස්තූතියි, :D
Delete(සිංහල පොත ඕ ලෙවල් විභාගයට පස්සෙත් ලඟ තියෙන්නේ එහෙමත් කෙනෙක් ගාව විතරයි ) ;)
awesome!!!
ReplyDelete