Wednesday, August 7, 2013

(අ )මිහිරි



සතුටු විය ලෝකයම
පැළ කලෙන් නා පැලක්
වැඩී මහ ගසක් අද

වාරු නැති දෙපා යුග
ඇදෙයි බැල ගෙඩි සොයා
රකිනු වියතක් නියා

නොවී නුඹ නා රුකක්
උනේ නම් උණ ගසක්




(නිමිත්ත- රෝගී මහළු පියා බැල ගෙඩි කඩමින් දුක සේ ජීවත් වන අතර, වෛද්‍යවරයෙකු වන ඔහුගේ එකම පුතා, වයසක පියාව අමතක කර දමා ඉතා සැපවත් ජීවිතයක් ගත කරයි.අසරණ මහළු පියා වාට්ටුවේදී මා සමඟ දොඩමළු විය.ඒ වදන් අකුරු කිරීමට දැරූ උත්සහයකි )

1 comment:

  1. කවුරුවත් කාටවත් ණොකියු කතාවක්.... පද වලට පෙරලන්න දරූ ප්‍රයත්නයක්... අපූරුයි විමුක්ති... :)

    ReplyDelete