නිවසට දෙවැනි නිවසක් බඳු හුරු පුරුදූ
පේරාදෙණි වෙද පියසකි හද බැඳුනූ
කාලය මැදින් රෝගී දන හා රැඳුනූ
සිනමාවකි දිවියම දුක සැප රැඳුනූ
පෙනහළු නහර ලේ කැටියක් විත් සිරවූ
සිව් දරු මවකි ඇය රෝහල් ගත කෙරවූ
දූදරු සොයුරු ඇය වට කර සුව සැනසූ
වැලපෙයි ඔවුන් හැර පලමුව යනු සිතුණූ
පිට රට මෙන්ම අගනුවරද රජ කරවූ
ඇටකටු දුබල මව ගැන කිසිදා නොබැලූ
දරුවන් ගැනම ගුණ වැයුමකි මට පැවසූ
සැමියා නිසා ඇය නැත පස් යට ගැඹුරූ
වම් පස දුබල අව සිහියෙන් කෑ ගසනා
කැත කුණු මවුන් හද බැතියෙන් ගෙන ඇදෙනා
තනිකඩ හැටක දියණිය මව් පණ රකිනා
ඇයටද පපුව රිදුමකි ඔසු මත යැපෙනා
මා වැනි වයස් තරුණෙකි දොර ළඟ රැඳෙනා
ආදර පියා නැති තනි බර ඔහු අදිනා
දෑතින් රැගෙන රෝගි මව් මෙහි ඇදෙනා
ඒ මව් නෙතට මා දැක කඳුලක් නැඟුනා
(පේරාදෙණිය රෝහලේදී ලද සත්‍ය අත්දැකීම් ඇසුරෙනි )
සිනමාවකි ජීවිතය....... හිතාගන්න අමරුයි... කියවද්දි මෙච්චර දැනෙනවා නම්, එහෙම දෙයකට මුහුණ දෙන ඔයාට ඒක කොහොම දැනෙන්න ඇද්ද කියල. :(
ReplyDeleteබොහොම ස්තූති බුද්ධි !!! ඇත්තටම හැම රෝහලක ජීවිතය සිනමාවක් වගේ තමා. ඒක වෙනම ලෝකයක්. හැම කෙනෙක් ගාවම දිග කතාවක් තියනවා.කාල වේලාව නැති හින්දා ඒ කතාව හාරා අවුස්සන අය අඩුයි
ReplyDelete