Sunday, June 30, 2013

සිනමාවකි ජීවිතය



නිවසට දෙවැනි නිවසක් බඳු හුරු       පුරුදූ
පේරාදෙණි වෙද පියසකි හද            බැඳුනූ
කාලය මැදින් රෝගී දන හා              රැඳුනූ
සිනමාවකි දිවියම දුක සැප               රැඳුනූ

පෙනහළු නහර ලේ කැටියක් විත්     සිරවූ
සිව් දරු මවකි ඇය රෝහල් ගත     කෙරවූ
දූදරු සොයුරු ඇය වට කර සුව       සැනසූ
වැලපෙයි ඔවුන් හැර පලමුව යනු      සිතුණූ

පිට රට මෙන්ම අගනුවරද රජ         කරවූ
ඇටකටු දුබල මව ගැන කිසිදා     නොබැලූ
දරුවන් ගැනම ගුණ වැයුමකි මට      පැවසූ
සැමියා නිසා ඇය නැත පස් යට         ගැඹුරූ

වම් පස දුබල අව සිහියෙන් කෑ                  ගසනා
කැත කුණු මවුන් හද බැතියෙන් ගෙන      ඇදෙනා
තනිකඩ හැටක දියණිය මව් පණ              රකිනා
ඇයටද පපුව රිදුමකි ඔසු මත                 යැපෙනා

මා වැනි වයස් තරුණෙකි දොර ළඟ        රැඳෙනා
ආදර පියා නැති  තනි බර ඔහු                  අදිනා
දෑතින් රැගෙන රෝගි මව් මෙහි             ඇදෙනා
ඒ මව් නෙතට මා දැක කඳුලක්               නැඟුනා

(පේරාදෙණිය රෝහලේදී ලද සත්‍ය අත්දැකීම් ඇසුරෙනි )











2 comments:

  1. සිනමාවකි ජීවිතය....... හිතාගන්න අමරුයි... කියවද්දි මෙච්චර දැනෙනවා නම්, එහෙම දෙයකට මුහුණ දෙන ඔයාට ඒක කොහොම දැනෙන්න ඇද්ද කියල. :(

    ReplyDelete
  2. බොහොම ස්තූති බුද්ධි !!! ඇත්තටම හැම රෝහලක ජීවිතය සිනමාවක් වගේ තමා. ඒක වෙනම ලෝකයක්. හැම කෙනෙක් ගාවම දිග කතාවක් තියනවා.කාල වේලාව නැති හින්දා ඒ කතාව හාරා අවුස්සන අය අඩුයි

    ReplyDelete