Saturday, June 15, 2013

වේයන්ට





පොඩිම පොඩි සිදුරකින්
බිත්ති අග ගුලකින්
උලුවස්සේ හිලකින්
හෙමි හෙමින් මතුවෙලා
බොහොම නිවි සැනසිල්ලෙ
ටිකෙන් ටික ටිකෙන් ටික
අපෙන් කන
අපිව කන
වේයන්ට...
හුඹස් කැණ වතුර දා
තෙල් ගසා
ඒත් බැරිනම් භූමිතෙල්
ගැළුම් ගනනින් හලා
යාන්තම් අහවරයි
තිබුනු  කරදරෙත්
ඒත්
සමහර නෑයන්ට?

No comments:

Post a Comment