Saturday, June 15, 2013

මී අඹ සහ පණු අඹ.



පොහොරද දියද සෙනෙහස නො අඩුව       ලැබුනූ
මිහිරැති සුවඳ දෙන මී අඹ මල්                    පිපුනූ
ගරුතර බඹර ඒ මල් පෙති වෙත                 ඇදුනූ
අරුමය කිමද මී අඹ නැති මල්                    පිපුනූ

රිදියෙන් රනින් ගෙන තව තව පුද              කරලා
දුර දුර රටින් ගෙන ආ ඔසු පැන්              යොදලා
තව තව දැනුම ඇත්තන් උපදෙස්               පතලා
අවසන නොමැති මී අඹ රුක යයි               දිරලා

ලා දළු ළපටි මල් එක දෙක සුදු             පැහැතී
මග තොට දුකට ඇතිවන අඹ පැලද         වෙතී
පසු කර ඇදෙන නිල මැස්සන් පැන         වසතී
දිනයක ඇවෑමෙන් පණු අඹ එහි            පිරෙතී

මී අඹ පැලය අකලට පණු අඹ             පිරුණ
අවමන් තනිව විඳ පණු අඹ ඵල            බෙදන
සැප ඇති ඵල නොමැති මී අඹ ගස      සොබන
අවසන ලබති අවමන් නොගයති          සුගුණ

No comments:

Post a Comment