හතර පෝයටම වැඳගෙන සිල් රකිනා
තුන් දොර නිවුණු සැදැහැති මිනිසෙක් උන්නා
සවසක දිනක් පන්සල වෙත ඔහු ඇදෙනා
ඒ යන අතර වැටකේ පඳුරක් දැක්කා
නියරෙක මඩක ඉහලට නිසලව නැඟෙනා
පත් අග විසැති කටු තියුණුව දිග හැරෙනා
ඒ මැද සුදට සුළඟට නොසැලී පෙනෙනා
වැටකේ මලකි පුදනට හැකි නම් අගනා
දනක් යටට ගොහොරු මඩක ඔහු එරුණා
නෙලනු නොහැක තියුණු තුඩට ලේ හැලුනා
පුදසුන රැඳෙනු එ මලට පින් මදි සිතුනා
හිස් මලසුන වැඳ එ මලට පින් දුන්නා
No comments:
Post a Comment