පුවත්පතක අවසන් පිට අඟල් දෙකක් දිගේ
පියෙකු දිවිය රකිනු පිනිස යදින බවක් පෙනේ
වෙස්සන්තර කෙනෙකු සොයා ඇදෙන කතර දිගේ
ඔහු වෙසෙනා පැල්පත වෙත සිත හෙමිහිට ඇදේ
හැම බත් ඇටයකම ඔහුගේ ගුණය ඇත
පුද කල යුතුය බුදිනා විට ඔවුන් වෙත
ගොවි රජ අකාලේ මරණය උරුම නැත
ඔහු දිවි රකින යුතුකම අප සතුව ඇත
මඩ සෝදා ගත් කළ රජ කමද ලැබිය යුතු
ගොවි රජ ඇත සයනය මත දින ගෙවමින් මතු
මුළු රටටම බත සපයන යුතුකම ඔහු සතු
අමතක නැත කුසගින්නේ හඬනා විට පුතු
වී නැත කෙතේ වල් වී ඇත පුරන් වෙලා
නියරද බිඳී දිය පාරද නොරට ගලා
දින දින මරුට අත වනනා ඔහු නොබලා
කෙළෙස ඔවුන් සැනසෙන්නද තතු නොසොයා
කඹ ඇදුමකි උන් උන් අත තතු විමසනු නොවේ
පොඩි දරුවන් වැලපෙන හෙට උන් හට නොම පෙනේ
පිළිතුරු ගෙන උන් එන විට රජරට කෙත කෙරේ
මතක වතද පුද කර ඇත නොමැත කිසිදු සැකේ
මඩ සෝදා ගත් කළ රජ කමද ලැබිය යුතු
ගොවි රජ ඇත සයනය මත දින ගෙවමින් මතු
මුළු රටටම බත සපයන යුතුකම ඔහු සතු
අමතක නැත කුසගින්නේ හඬනා විට පුතු
No comments:
Post a Comment