අබැටක් සොයා දිව යන මව් දෙනෙත අයා
නිවසක් නොමැත කිසිවෙකු තව නොමල දනා
සුසුමක් රැඳෙති හද තුල මෙහි දෙනෙත අරා
පැතුමක් නොතිර ලොවකට තවකෙකුට පතා
සව් සරා සපිරි මුදුනක නොම පිපුනු
මව් මරා නොවෙති නොපිපුන මල් කැකුළු
දෙව් කරා නොයන පැතුමන් හද රැඳුනු
කව් කියා නොමැත නින්දට ඔසු ලැබුණු
මවුන් රුහිරු කිරි මව් දෑතින් පෙවුනා
සුසුම් ලමින් මව් දින දින කල් ගෙවුනා
කුසුම් කැකුළු අකලට නොම මිලින වුනා
සෙමින් සෙමින් මුවඟට හසරැලි නැඟුනා
හඬමින් නොවෙති උන් දිවිමග පිළිගත්තු
තනයෙන් නොවෙති මව් කිරි උන් ලැබ ගත්තු
සෙනෙහෙන් සුවය දුන් ඒ වෙද හෙද පුත්තු
බැතියෙන් පිදුම් නොසොයන වෙති බෝසත්තු
දිවිය දිරිය දෙන පැතුමන් හද රැඳුනා
අදර දෙ අත් ලඟ නිරතුරු දුක නිවුනා
තනිව ගමන යන විට නුඹ මතු කිසිදා
කුරිරු දෙ අත් ඇත වට කර නොකිව මනා
No comments:
Post a Comment