Saturday, June 15, 2013

අතීතය




පෙති මත දිදුල සීතල පිනි කැට         මැද්දෙන්
සිත වෙත ගලන විට උනුසුම පොද    වැස්සෙන්
හදවත පෙලන ගී නද තොල් පෙති     අස්සෙන්
මතු වන සවස මතකය යයි දොල       අයිනෙන්



නපුරු වෙන්න කලියෙන් මල් පොද           වැස්ස
නොපිපි කුසුම් සිඹිනට පෙර තන                බිස්ස
පෙන කැටි මකන විට වහිනා මහ               වැස්ස
හසරැලි සොයයි සැඟවෙන්නට හිත       අස්ස



සිහින දිය කර පෙන කැටිති               තුල
දෙගොඩ උතුරා ගලන රලු               දොල
දෙපා දෙ ඉවුරෙහි වෙන් කරන            කල
තොලඟ උනුසුම ඇතිද සිත           තුල

No comments:

Post a Comment