Sunday, August 11, 2013

විභාග



සමහරු සමත් වෙති
සමහරු අසමත් වෙති
අසමතුන් නැවත ගනිති
නැතොත් අතැර දමති

වාඩි වන තුරු අවිනිශ්චිතය
ලියා අවසනද අවිනිශ්චිතය
ජිල්මාට් වී තිබුනොත්
ප්‍රතිඵලද අවිනිශ්චිතය

බොහෝ විට අපහසුය 
ඉඳ හිට  පහසුය 
අපහසු විභාග සමත් වී
අසමත් වන පහසු විභාගද ඇත

අට පාස් නැති උන්
බෙන්ස් ප්‍රාඩෝ වලින් ඉගිලෙති
ගෙවෙනතුරු සෙරෙප්පු කබල්
උපාධිධාරීන් පයින්ම ගාටති

සෑම සාර්ථක මිනිසෙකුම පිටුපස
සමත් හෝ අසමත්
විභාගයක් ඇත...

4 comments:

  1. අදනෙ දන්නෙ බ්ලොග් එකක් ලියනව කියල. එල එල...

    ReplyDelete
  2. ආ මේ උකුස්සා අයියා නේද ? බොහොම ස්තූති බ්ලොග් එක බැලුවට. ලඟදි පටන් ගත්තෙ.

    ReplyDelete
  3. මරු දෙහිගොල්ල අයියා.. තව ලියමු.. :)

    ReplyDelete
  4. සෑම සාර්ථක මිනිසෙකුම පිටුපස
    සමත් හෝ අසමත්
    විභාගයක් ඇත...

    නියම කතාව. ;)

    ReplyDelete